පැනගිය යුද්ධ හමුදා සාමාජිකයන් 777 දෙනෙකු අත්අඩංගුවට
20th August 2017
යුද්ධ හමුදා පොලිසිය, ශ්‍රී ලංකා පොලිසිය හා එක්ව සිකුරාදා (18) දින දිවයින පුරා සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී, නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද්ධ හමුදා සාමාජිකයින් 777 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයින් අතර එක් යුද්ධ හමුදා නිලධාරියෙකු සහ සෙසුනිලයින් 776 දෙනෙකු සිටින අතර එම සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව යුද්ධ හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටි. (නිමාව)
|