හිටපු යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සේවය වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
18th August 2017
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා බ්‍රහස්පතින්දා (17) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමු විය.
මෙම සාකච්ඡාවේදි, හිටපු යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ආරම්භ කළ වැඩපිළිවෙලවල් සහ විවිධ ව්‍යාපෘතින් පිළිබඳව වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන් අගය කළ අතර, ඉදිරියටත් එම වැඩපිළිවෙලවල් තවදුරටත් සිදු කරගෙන යාමට අවශ්‍ය සහයෝගය ද ඉල්ලා සිටියහ.
මෙහිදි, අන්නෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධව සාකච්ඡා කළ අතර, ජාතිය ගොඩනැගිමෙහිලා යුද්ධ හමුදාවට පැවරි ඇති රාජකාරින් පිළිබඳව ද මෙහිදි අවධානය යොමු කෙරිනි.
මෙම සුහද හමුව අවසානයේ දී, දෙපාර්ශවය අතර සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවු අතර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාධිපති කාර්යාලයේ ඇති විශේෂ අමුත්තන් සඳහා වු පොතේහි අත්සන් තැබීමට ද අමතක නොකළහ.
වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන්, හිටපු යුද්ධ හමුදාධිපතිතුමන්ගේ රාජකාරි වෙනුවෙන් සුභ පැතුම් එක් කළ අතර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් එක්ව සමුහ ඡායාරූපයක් සඳහා ද පෙනී සිටියහ.
|