සංචාරක ඉන්දිය දක්ෂිණ හමුදාධිපතිවරයා ඉන්දිය සාම සාධක සෙබළුන් ස්මරනය කරයි

18th August 2017

ඉන්දිය යුද්ධ හමුදාවේ දක්ෂිණ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් පි. .එම්. හරිස් පිවිඑස්එම් ඒවිඑස්එම් එස්එම් විඑස්එම් ඒඩිසි ඇතුළු සංචාරක ඉන්දිය යුද්ධ හමුදා දුත පිරිස ඔවුන්ගේ සිව්දින ශ්‍රී ලංකා සංචාරයේ දී බ්‍රහස්පතින්දා (17) දින බත්තරමුල්ල ඉන්දියානු සාම සාධක හමුදා ස්මාරකය වෙත පැමිණ එල්ටිටිඊ ත්‍රස්තවාදීන්ට විරුද්ධව 80 දශකයේ අගදී දිවි පිදු ඉන්දිය හමුදා විරුවන්ට ගෞරව පුෂ්පෝපහාර පුද කළහ.

යුද්ධ හමුදා පිරිස් පාලන අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදත් පෙරේරා විසින් සංචාරක ඉන්දිය යුද්ධ හමුදා දුත පිරිස ඉන්දිය හමුදා සාම සාධක ස්මාරකය අභියසදි පිළිගනු ලැබු අතර. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් භට පිරිස් ද උත්සව කටයුතු අපේක්ෂාවෙන් සිරුවෙන් සිටිනු දක්නට ලැබුණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් භට පිරිස් ගෞරව මධ්‍යයේ සංචාරක ඉන්දියානු දක්ෂිණ හමුදාධිපතිවරයා මියගිය ඉන්දිය සාම සාධක හමුදා විරුවන්ට ගෞරව පුෂ්පෝපහාර පුද කළහ. ඉන්දිය සාම සාධක හමුදා වර්ෂ 1987 - 1989 කාලසිමාව තුළදි එවකට රජයේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ රාජකාරි කටයුතු ඉටු කළහ.

හමුදා සම්ප්‍රදයානුකුලව අවර බියුගල් හඬ මධ්‍යයේ කෙටි උත්සවය නිමාවට පත්විය.

|