ජෙනරාල් ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති යුද්ධ හමුදාධිපති හමුවේ
9th August 2017
ජෙනරාල් ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ජගත් රණසිංහ අඟහරුවාදා (08) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
මෙම සුහද හමුවේදි, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ විෂය නිර්දේශයට සම්බන්ධ කරුණු සහ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.
මෙම හමුව අවසානයේ දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
|