යුද හමුදා නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි පත් කෙරේ
4th August 2017
2017 අගෝස්තු මස 04 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු කර ඇත.
ඒ අනුව යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගිය මේජර් ජෙනරාල් රේනක වී. උඩවත්ත ගේ තනතුරට මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු පත් කරන ලදි.
ශ්‍රී ලංකා යුද හමුදා ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති ලෙස කටයුතු කරන මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, යුද්ධ හමුදා නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කිරීමට පෙර මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කරනු ලැබීය.
කදාන, ඩී මැසනඩ් විද්‍යාලයේ ආදී ශීෂ්‍යකු වන ඔහු 1983 අප්‍රේල් මස 27 වන දින බඳවා ගැනීම් අංක - 18 යටතේ කෙඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට එක්ව දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් පුහුණුව සාර්ථකව නිම කර 1984 නොවැම්බර් මස 07 වන දින අධිකාරියට පත්ව දෙවන ලුතිනන්වරයෙකු ලෙස ගැමුණු හේවා බලකායට එක්වන ලදී.
|