විදෙස් නියෝජිතයින් දෙදෙනෙකු යුද්ධ හමුදාධිපති හමුවේ
4th August 2017
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සෙනගල් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මලික් තිව් සහ ශ්‍රී ලංකාවේ පකිස්තානු මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සජ්ජාඩ් අලී බ්‍රහස්පතින්දා (28) දින අවස්ථා දෙකක දී යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
යුද්ධ හමුදාධිපතිතුමන් සහ විදෙස් නියෝජිතයන් දෙදෙනා අතර පැවති සුහද සාකච්ඡාවේ දී දෙරටට බලපාන වැදගත් කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.
මෙම සුහද හමුවීම් අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමා සහ විදෙස් නියෝජිතයින් අතර සමරු තිළිණ හුවමාරු කරගැනීම් සිදුකෙරිණි.
|