පකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල නියෝජිතයින් යුද්ධ හමුදාධිපති හමුවේ

3rd August 2017

පකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපායශීලි අධ්‍යයන සහ විශ්ලේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් මෙහොමඩ් සම්රේස් සලික් බදාදා (02) සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

දෙපාර්ශවය අතර පැවති හමුවේ දී පකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු ආයතනයන් අතර පැවැත්වෙන විවිධ පුහුණු මොඩියුලයන් පිළිබඳව අදහස් හුවමාරු කරගනු ලැබීය.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ඇතුළු තවත් නියෝජිතයකු ද එක්ව සිටියහ.

මෙම හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිවරයා සහ සංචාරක නියෝජිත පිරිස අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

|