මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරින් සඳහා රැගෙනයාමට නියමිත උපකරණ පරික්ෂාව සඳහා එක්සත් ජාතින්ගේ නියෝජිතයින් දිවයිනට
2nd August 2017
මේ වනවිට මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරින් සඳහා රැගෙන යාමට නියමිත උපකරණ පරික්ෂාව සඳහා දිවයිනට පැමිණ සිටින නිව්යොර්ක් සහ මාලි හී එක්සත් ජාතින්ගේ නියෝජිත පිරිස අඟහරුවාදා (01) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
නියෝජිත පිරිසේ ප්‍රධානි ලුතිනන් කර්නල් කාලෝස් වාස්, ලුතිනන් කර්නල් ඩොන්ග්ලින්, මේජර් කාලෝස් රෝක්ෂේඩ්, බ්‍රේන්ඩා ඇමරාල් මහත්මිය, ජොර්ජ් සොරේස් මහතා, පීටර් ඩොනල්ඩ්සන් මහතා මෙම නියෝජිත පිරිසට ඇතුලත්වු අතර, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම සුහද හමුවේ දී ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ (UNDPKO) රාජකාරින් සඳහා දායකත්වය දැක්වු අයුරු විස්තර කළ අතර, මාලි දේශයේ සාම සාධක රාජකාරින් සඳහා ඇති සුදානම පිළිබඳව ද මෙහිදි විශේෂ අවධානයක් යොමු කළහ.
මේ අතර, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක ජුවාන් පර්නැන්ඩස් මහතා අඟහරුවාදා (01) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
|