මහරගම තරුණ සේවා සභාවේ දී යුද්ධ හමුදා උපකරණ සහ නවෝත්පාදන ප්‍රදර්ශනයක්
29th July 2017
මහරගම තරුණ සේවා සභාවේ දී දැනට ක්‍රියාත්මක ‘පෙරලියකඇරඹුම 1977’ දැවැන්ත ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ භට පිරිස් විසින් නිර්මාණශීලි නවෝත්පාදන රැසක් ඉදිරිපත් කර ඇත.
යුද්ධ හමුදාව විසින් ඉදිරිපත් කර ඇති ප්‍රදර්ශන කුටිය පැමිණෙන නරඹන්නන්ගේ විශේෂ අවධානයට යොමුව ඇති අතර, මෙම ප්‍රදර්ශනයේ සඳහා යුද්ධ හමුදා භට පිරිස් විසින් සිදු කරන ලද නිර්මාණශීලි නිෂ්පාදන මෙන්ම අවි ආයුධ, යන්ත්‍රෝපකරණ, සන්නිවේදන උපකරණ වැනි දෑ ඉදිරිපත් කර ඇත.
මෙම ප්‍රදර්ශනය සෙනසුරාදා (29) සහ ඉරිදා (30) යන දෙදින තුල පැවැත්වීමට නියමිතය.
|