උපකරණ මාස්ටර් ජෙනරාල් සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් භඨකාර්ය සම්පාදන අවශ්‍යතාවයන් පිළිබඳ සොයාබලයි

7th March 2023

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස්හි භඨකාර්ය සම්පාදන අවශ්‍යතාවයන් පිළිබඳ සොයාබැලීමේ අරමුණින් උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් හිරෝෂ වනිගසේකර පසුගිය සිකුරාදා (3) දින වැලිකන්ද ප්‍රෙද්ශයේ ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර නිල සංචාරයක නිරත විය.

මෙම අවස්ථාව සඳහා සහභාගී වූ උපකරණ මාස්ටර් ජෙනරාල් සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල්, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් චානක මෙත්තානන්ද විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර, 23 සහ 24 වන පාබල සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර පරිපාලන අංශයේ මාණ්ඩලික නිලධාරීන් සහ ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරීන් ද සහභාගී වූහ‍.

මෙම සුහද හමුව සමාප්තියේ සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.