යුද්ධ හමුදා නවෝත්පාදකයෙකු වන කෝප්‍රල් දිසානායක හට ටෝකියෝ ‘ජපන් සැලසුම් නිර්මාණ හා නව නිපැයුම් ප්‍රදර්ශනය’ සඳහා ආරාධනයක්
28th July 2017
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මෑතක දී ‘යාපනය නව නිපැයුම් - 2017’ නමින් ප්‍රදර්ශනයක් සංවිධානය කළ අතර, එහිදි යුද්ධ හමුදා සාමාජිකයින් ඉදිරිපත් කළ නිර්මාණ මහජන ප්‍රදර්ශනය සඳහා ද ඉදිරිපත් කර තිබුණි. ‘ආපදා තත්ත්වයන් සඳහා ස්වයංක්‍රිය ආරක්ෂක පද්ධතියක්’ නිර්මාණය කළ 2 වන සන්නද්ධ බුද්ධ බලකායේ කෝප්‍රල් දිසානායක ගේ නිර්මාණය ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ අවධානයට යොමු වු අතර, ඔවුන් විසින් ඒ පිළිබඳව ජපානයේ පිහිටි ‘නව නිපැයුම් හා නවෝත්පාදන ආයතනයේ’ (JIII) අවධානයට ද යොමු කරවන ලදි.
කෝප්‍රල් ඩි.එම්.සී දිසානායක ඉදිරිපත් කරන ලද එම නව නිර්මාණය ‘ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම’ (SLIC) මඟින් ජාත්‍යන්තර මට්ටමේ නව නිපැයුමක් ලෙස තෝරාගෙන ඇති අතර, ඒ අනුව, ලෝක නිමැයුම් බුද්ධිමය දේපල සංගමය (WIIPA) මගින් සංවිධානය කරනු ලබන ජපානයේ ටොකියෝ බිග් සයිට් හී දී 2017 අගෝස්තු මස 4 සිට 6 දක්වා පැවැත්වෙන ‘ජපන් සැලසුම් නිර්මාණ හා නව නිපැයුම් ප්‍රදර්ශනය’ සඳහා (Japan Design & Invention Expo) සහභාගිවීමට ඔහු වෙත ආරාධනා ලැබි ඇත.
යුද්ධ හමුදාධිපතිතුමාගේ අනුදැනුම මත යුද්ධ හමුදා පර්යේෂණ, විශ්ලේෂණ යෝජනා හා සංවර්ධන ශාඛාවේ ව්‍යාපෘතියක් ලෙස සියලුම ආරක්ෂක සේනාවන් නියෝජනය වන පරිදි යුද්ධ හමුදා සාමාජිකයන්ගේ නිර්මාණත්මක දක්ෂතාවයන් ඔප්නැංවිමේ අරමුණින් නව නිපැයුම් ප්‍රදර්ශන පවත්වනු ලැබීය.
ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ සභාපති ආචාර්ය චමින්ද එදිරිසිංහ විසින් කෝප්‍රල් දිසානායක එම ආයතනය වෙත කැඳවා ඔහුගේ ආරාධනා පත්‍රය ලබාදුන් අතර, මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා පර්යේෂණ, විශ්ලේෂණ, යෝජනා හා සංවර්ධන ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් රංජිත් ධර්මසිරි ද එක්ව සිටියහ.
|