‘වන්නි ඉනොවේටා’ නවෝත්පාදන ප්‍රදර්ශනය කොළඹ යුද හමුදා මුලස්ථානයේ දී
10th December 2015
වන්නි ආරක්ෂක සේනා ආඥාපතිගේ මඟ පෙන්වීම මත එම මූලස්ථානය විසින් සංවිධානය කරනු ලබන ‘වන්නි ඉනොවේටා’ නවෝත්පාදන ප්‍රදර්ශනය අද (10) පෙරවරුවේ කොළඹ යුද හමුදා මූලස්ථානයේ දී ආරම්භ කෙරිනි. මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ ආරාධනාවකට අනූව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වන්නි සෙබලුන්ගේ නිපැයුම් ඇතුලත් මෙම ප්‍රදර්ශනය විවෘත කරනු ලැබීය. මෙහි දී වන්නි සෙබල සිතුවිලි අනූව විවිධ කාර්යයන් සඳහා භාවිතා කළ හැකි වානේ කතුරු, තණකොළ කපන යන්ත්‍ර, එදිනෙදා භාවිතා කරන උපකරණ ආදි උපකරණ නවීනත්වයෙන් යුතුව නව නිෂ්පාදන ලෙස ප්‍රදර්ශනය කෙරේ. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ජගත් ඩයස්, නියෝජ්‍ය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මහින්ද අඹන්පොල, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, හමුදා ලේකම් මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් බී.ඒ පෙරේරා, වන්නි සේනාංකාධිපතිවරු, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ සංගමයේ අධ්‍යක්ෂ දිනේෂ් සත්රූකල්සිංහ මහතා සහ සෙසු නිලයින් ද මෙම ප්‍රදර්ශනය නරඹනු ලැබීය.