නච්චිකුඩා වෙළඳසැලක ඇති වූ ගින්න භට පිරිස් විසින් මැඩපවත්වයි
28th June 2017
මුලන්කාවිල් පොලිස් ස්ථානයේ හදිසි දැනුම්දීමකට අනුව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 19 වන ශ්‍රී ලංකා පාලබ හමුදාවේ සහ 11 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් වහා ක්‍රියාත්මක වී සඳුදා (26) දින මධ්‍යම රාත්‍රියේ කිලිනොච්චි, නච්චිකුඩා ප්‍රදේශයේ පෞද්ගලික වෙළඳසැලක ඇති වූ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරනු ලැබීය.
යුද්ධ හමුදා සාමාජිකයින් 40 කට වැඩි පිරිසක් විසින් එම වෙළඳසැලේ හිමිකරු සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව විනාඩි 35 ක කාලයක් තුල දී එම ගින්න මැඩපැවැත්වීමට සමත් විය.
යුද්ධ හමුදා භට පිරිස් විසින් ක්ෂණිකව ක්‍රියාත්මක වී ගින්න මැඩපැවැත්වීම සඳහා ලබාදෙන ලද සහාය පිළිබඳව වෙළඳසැලේ හිමිකරු සහ ප්‍රදේශවාසීන් ඔවුන්ගේ ස්තුතිය පුද කරන ලදි.
|