නික්මයන පකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ
27th June 2017
ශ්‍රී ලංකාවේ පකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ නික්මයන ආරක්ෂක උපදේශක කර්නල් මොහොමඩ් රජීල් ඉර්ෂාඩ් ඛාන් සිකුරාදා (23) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.
එහිදි පැවති සාකච්ඡාවේ දී දෙරට අතර මෙන්ම හමුදාවන් අතර අන්‍යෝන්‍ය වැදගත්කමක් සහිත කරුණු පිළිබඳව සාකච්ජා කළ අතර, නික්මයන ආරක්ෂක උපදේශකවරයා තම සේවා කාලය තුල යුද්ධ හමුදාව වෙතින් ලැබුණු සහයෝගය පිළිබඳ සිය ස්තුතිය ද පුද කළහ.
මෙම හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමා සහ නික්මයන ආරක්ෂක උපදේශකවරයා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
|