පාහියන්ගල ප්‍රදේශයේ ආපදා තත්වය සඳහා ගතහැකි ආරක්ෂාකාරි පියවර යුද්ධ හමුදාධිපතිගේ නිරික්ෂණයට
4th June 2017
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, පාහියන්ගල ප්‍රදේශයේ නව අනතුරු ඇඟවීම් ප්‍රකාශයට පත් කිරීමත් සමඟම එහි පවතින කාලගුණික සහ භූ විද්‍යාත්මක වෙනස්වීම් තක්සේරු කර අවශ්‍ය වුවහොත් ගත හැකි ආරක්ෂිත පියවර පිළිබඳ අවබෝධයක් ලබාගැනිම සඳහා බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සමඟින් සිකුරාදා (02) දින උදෑසන එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.
කළුතර දිස්ත්‍රික්කයේ පාහියන්ගල හා තදාසන්න ප්‍රදේශයන්හි පසුගිය සතිය තුළ සිදුවු දරුණු විපත් තත්වයෙන් ජිවිත මෙන්ම නිවාස විශාල ප්‍රමාණයක් හානියට පත් වුහ.
අදාල ප්‍රදේශයන් පිළිබඳව ලබාදි ඇති නවතම අනතුරු ඇඟවීම් මධ්‍යයේ යුද්ධ හමුදාධිපතිවරයා මෙම ක්ෂණික සංචාරය සිදු කරනු ලැබුවේ අනෙකුත් බළධාරින්ද කැටුව මෙම ප්‍රදේශයේ යම් කිසි ආපදාවකට නැවත ලක්වුවහොත් ගතයුතු ආරක්ෂක පියවරයන් පිළිබඳව දැඩි අවධානයක් ලක් කරමිනි.
එමෙන්ම, කිසියම් අන්තරා දායක තත්වයක් උද්ගත වුවහොත් එම තත්වයන් පිළිබඳව වහා විමසිලිමත් වී කාලගුණික හා භූ විද්‍යාත්මක පුර්ව අනාවැකි වලට අනුකූලව ඒ සඳහා සුදානම් වියයුතු අන්දම පිළිබදව ඔහු සමග සංචාරයට එක්ව සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරින් හට උපදෙස් ලබාදුන් අතර, අනතුරුව අසල පිහිටි විහාරස්ථානයට පැමිණි යුද්ධ හමුදාධිපතිවරයා එහි තාවකාලිකව වාසය කරන අවතැන් සිවිල් ජනතාව සමඟ කතාබහක ද නිරත වෙමින් ඔවුන් මුහුණපා ඇති ගැටළු පිළිබඳව විමසා සිටිනු ලැබීය.
|