ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් කලාප සේනාපතිත්වයේ වාර්ෂික MCIP වැඩමුළුව ආරම්භ වේ

1st June 2017

ආරක්ෂක අමාත්‍යංශය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් කලාප සේනාපතිත්වය (USPACOM) එක්ව සංවිධානය කරන ‘Multinational Communication Interoperability Programme’ (MCIP), 3 වන වැඩමුළුව රටවල් 17 ක් නියෝජනය කරමින් විදේශීය හමුදා නිලධාරින් 39 දෙනෙකු ඇතුළු නියෝජිතයින් 50 දෙනෙකුගේ සහභගිත්වයෙන් මැයි මස (29) දින සිට ජුනි මස (02) දින දක්වා කොළඹ හිල්ටන් හොටලයේ දී පැවැත්වේ.

මෙම පාඨමාලාව මගින් ආසියානු පැසිෆික් කලාපයේ සාමාජික රටවල් අතර, අන්තර් ජාතික සම්බන්ධීකරණය, සංන්නිවේදන සම්බන්ධතා සහ සහයෝගය වැඩිදියුණු කිරීම මෙන්ම හදිසි අවස්ථාවකදි මානුෂීය ආධාර සහ ආපදා මෙහෙයුම් සිදු කිරීම පිළිබඳව විශේෂ අවදානයක් යොමු කරනු ලබයි.

මෙම වැඩමුළුවේ ආරම්භය සඳුදා (29) දින ශ්‍රී ලංකා සංඥා බලකා සේනාවිධායක මෙන්ම ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ, කර්නල් ජේම්ස් මැක් කැලිස්ටර්, මෙලනි බෝවර් මහත්මියගේ සහ ජ්‍යෙෂ්ඨ නියොජිතයන් කිහිපදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, ලුතිනන් කර්නල් අශෝක ගුණසේකර, ලුතිනන් කර්නල් ධම්මික විදානරාලලාගේ එක්සත් ජනපදය නියෝජනය කරමින්, මෙසර්ස් ටොම් ග්‍රාන්ට්, එරික් ඇන්ඩර්සන්, ස්කොට් ග්‍රිපින් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් මෙම ආරම්භක සැසිය සඳහා දායකත්වය සපයනු ලැබීය.

ඔස්ට්‍රේලියාව, බංගලිදේශය, කාම්බෝජය, කොළොම්බියාව, ඉන්දුනිසියාව, ජපානය, මැලේසියාව, මොංගොලියාව, නේපාලය, නවසිලන්තය, පිලිපිනය, තායිලන්තය, මාලදිවයින, ඇමරිකා එක්සත් ජනපදය, ටොන්ගා, පැපුවා නිවුගිනියව, සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජිතයින් මෙම සැසිය සඳහා සහභගි වේ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ පුර්ණ අනුමැතිය මත සංවිධානය කරන ලද මෙම සමුළුවේ සමාප්ති උත්සවය සිකුරාදා (02) දින යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

|