තෙත් බිම් සංරක්ෂණය සඳහා යුද්ධ හමුදාවේ සහය

26th May 2017

ජනාධිපති කාර්ය සාධක බලකාය වෙතින් මේ වන විට ක්‍රියාත්මක තෙත් බිම් සංරක්ෂණ ව්‍යාපෘතියට සමගාමිව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්විම යටතේ කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලය, ශ්‍රී ලංකා වනජිවී සුරැකුම් පදනම සමඟ ඒකාබද්ධව පැළ සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

ඒ අනුව මෙම වැඩසටහන යටතේ සිකුරාදා (26) දින යුද්ධ හමුදා භට පිරිස්, ශ්‍රී ලංකා වනජිවී සුරැකුම් පදනමේ සාමාජිකයින්, පාසල් සිසුන් සහ අනෙකුත් රාජ්‍ය නිලධාරින් වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, කොත්මලේ සහ ඉහළ කොත්මලේ යන ජල විදුලි බලාගාරයන් ආශ්‍රීත ජල පෝෂක ප්‍රදේශවල මෙන්ම ගම්පොළ, නිල්ලඹ ජල විදුලි බලාගාරය ආශ්‍රීතව කොස්, කුරුඳු, ඇහැළ, බුලු, මාර, පේර, අඹ, මී ආදි පැළ සිය ගණනක් සිටවන ලදි.

විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්, මහවැලි අධිකාරියේ නිලධාරින් සහ පාසල් සිසුන් සහ පරිසරවේදීන් මෙම වැඩසටහන සඳහා එක්ව සිටියහ.

|