දිළිඳු කාන්තාවකගේ ජිවනෝපාය නැංවිම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහය

22nd May 2017

මිහින්තලයේ සිවකුලම ප්‍රදේශයේ පදිංචි දිළිඳු ග්‍රාමීය කාන්තාවක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත ලිඛිතව කරන ලද ආයාචනයට එතුමා විසින් දැක්වු සානුකම්පිත ප්‍රතිචාරයක් ලෙස යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් රුපියල් 75,000/= පමණ වටිනාකමකින් යුත් එළදෙනක් සහ වසු පැටියෙකු සිකුරාදා (19) දින පරිත්‍යාග කරනු ලැබීය.

කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂක කර්නල් ඒ.කේ.ඒ.බි. ගුණරත්න ප්‍රමුඛ කන්දකාඩු සහ මැණික්ෆාම් යුද්ධ හමුදා ගොවිපලවල්හි නිලධාරීන් කිහිපදෙනෙකු සිවකුලම ප්‍රදේශයට පැමිණ මෙම එළදෙන සහ වසු පැටියා අදාළ කාන්තාව වෙත ලබාදුන් අතර, 6 වන ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් අත්‍යාවශ්‍ය ආහාර අඩංගු පාර්සලයක් ද ඇය වෙත ලබාදෙන ලදි.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය සහ කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධික්ෂණයෙන් සිදු කළ මෙම වැඩසටහන සඳහා කන්දකාඩු සහ මැණික්ෆාම් ගොවිපලවල්හි අණදෙන නිලධාරීන් සහ 6 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ඇතුලු කිහිපදෙනෙකු එක්ව සිටියහ.

|