යුද්ධ හමුදා වෙබ් අඩවියේ දමිළ අනුවාදය එළිදැක්වේ

15th May 2017

ලෝකවාසී දමිළ පාඨකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිළ වෙබ් අඩවිය වූ ‘www.army.lk’ හි දමිළ අනුවාදය අද (15) උදෑසන එළිදක්වනු ලැබීය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය සහ යුද්ධ හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ මණ්ඩලය එක්ව මෙම නව දමිල වෙබ් අඩවිය නිර්මාණය කරනු ලැබූහ.

අධ්‍යක්ෂ ජනමාධ්‍ය විසින් සංකේතාත්මකව දමිළ වෙබ් අඩවිය ආරම්භ කළ අතර, මෙම අවස්ථාව සඳහා කර්නල් ජනමාධ්‍ය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.

|