වෙසක් උත්සවය සැමරීම සඳහා අඛණ්ඩව දෙවන දිනටත් යුද්ධ හමුදා භට පිරිස්හි සහාය

12th May 2017

යුද්ධ හමුදාධිපතිතුමාගේ පූර්ණ අධික්ෂණය යටතේ යුද්ධ හමුදා භට පිරිස් බ්‍රහස්පතින්දා (11) එනම් දෙවන දිනටත් දිවයින පූරා පිහිටි වෙසක් කලාපයන් සැරසීම සඳහා සිය දායකත්වය දක්වනු ලැබීය.

බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස්, ‘ශ්‍රී බුද්ධ රශ්මි වෙසක් කලාපය’ හා දියවන්නා වෙසක් කලාපය ඇතුලු වෙසක් කලාපයන් සැරසීම සඳහා වර්ණවත් වෙසක් කුඩු ඇතුලු නොයෙකුත් සැරසිලි එක් කර තිබුණි.

එමෙන්ම, දිවයින පූරා පිහිටි අනෙකුත් ආරක්ෂක සේනා මූලස්ථානයන් ද ජාතික වෙසක් උත්සවය සාර්ථක කර ගැනීම සඳහා එක් එක් වෙසක් කලාපයන් සඳහා විවිධ වෙසක් සැරසිලි ඉදිරිපත් කරනු ලැබූ අතර, සිල් සමාදන්විමේ වැඩසටහන්, වෙසක් කුඩු නිර්මාණ, බැති ගී ප්‍රසංග, දන්සැල්, දිළිදු පවුල් වෙත අත්‍යඅවශ්‍ය ද්‍රව්‍ය පිරිනැමිම, ගොවින් සඳහා ගවයින් පරිත්‍යාග කිරීම වැනි වැඩසටහන් ද ක්‍රියාත්මක කළහ.

තවද, යුද්ධ හමුදා භට පිරිස් සියලු ආරක්ෂක සේනා මට්ටමින් සිකුරාදා (12) දිනටත් වෙසක් දින වැඩසටහන් සඳහා සිය දායකත්වය දක්වනු ලැබේ.

|