යුද හමුදා මුලස්ථානයේ සියලු නිලයින් දුෂණ විරෝධි දිනය වෙනුවෙන් ප්‍රතිඥා දෙයි
9th December 2015
ජාත්‍යන්තර දූෂණ විරෝධි දිනය (දෙසැම්බර් 09) වෙනුවෙන් ගරු ජනාධිපතිතුමාගේ සහ රජයේ මුලිකත්වයෙන් ශ්‍රී ලංකාව තුල විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතර, ඒ වෙනුවෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා යුද හමුදා මුලස්ථානයේ දී අද (09) උදෑසන එම මූලස්ථාන සෙබලුන් අමතා සියලුම ආකාරයේ අල්ලස් ගැනීම වැළැක්විය යුතු බව අවධාරණය කරන ලදි. එසේම ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා දිවයින පුරා රාජකාරි කරනු ලබන සියලුම යුද හමුදා සාමාජිකයින් මේ පිළිබඳව දැනුවත් කරන ලෙස උපදෙස් ලබා දී ඇති අතර, යුද හමුදා මුලස්ථාන සෙබලුන් අමතමින් අල්ලස් ගැනීම හෝ එවැනි ආකල්පයක් යුද හමුදා සාමාජිකයින් තුල නොතිබිය යුතු බව අවධාරණය කළේය. යුද හමුදාපතිතුමා ප්‍රකාශ කළේ අල්ලස මෙන්ම දූෂණය මැඬලීමට ක්‍රියා කිරීමෙන් සැමගේ විනය ආරක්ෂා වන බවයි. මෙහි දී පිරිස් පාලන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඒ.එල්.එස්.කේ පෙරේරා දූෂණ විරෝධි දින ප්‍රතිඥාව ඉදිරිපත් කළේය. අධ්‍යක්ෂ ජෙනරාල් පාබල මේජර් ජෙනරාල් ලලිත් දවුලගල, හමුදා ලේකම් මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් බී.ඒ පෙරේරා ඇතුළු යුද හමුදා මූලස්ථානයේ තවත් අධ්‍යක්ෂවරු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙම දිනයට සමගාමිව අල්ලස් කොමිසමේ සම්බන්ධීකරණයෙන් රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් කණ්ඩායම් එක්ව අද පස්වරුවේ විහාරමහා දේවි උද්‍යානය අභියසින් පා ගමනක් සංවිධානය කොට තිබේ. මෙම පා ගමනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වන අතර, එය අවසානයේ නිදහස් චතුරශ්‍රය අභියස දී ජාත්‍යන්තර දූෂණ විරෝධි දින ප්‍රතිඥාව ඉදිරිපත් කිරිමට නියමිතය.