යුද්ධ හමුදා කාන්තා සෙබළියන්ගෙන් හිටපු එල්ටීටීඊ කාන්තා සෙබළියන් වෙත අලුත් අවුරුදු තෑගි

25th April 2017

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කන්තා බලකායේ සෙබළියන් විසින් අලුත් අවුරුදු උදාවත් සමඟ යාපනය චුන්නාකම් ගම්මානයේ පදිංචි හිටපු එල්ටීටීඊ කාන්තා සෙබළියන් හමුවිය.

7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සෙබළියන් නිරතුරුව පුනරුත්ථාපනය කරන ලද එල්ටීටීඊ කාන්තා සෙබළියන්ගේ ජිවන තත්වය, ඔවුන්ගේ පවුල් වල තොරතුරු සහ ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳව සොයා බලන අතර, සිංහල සහ දමිළ අලුත් අවුරුද්දේ හිටපු එල්ටීටීඊ කාන්තා සෙබළියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවු යුද්ධ හමුදා කාන්තා සෙබළියන් ඔවුන්ගේ සුවදුක් විමසමින් ඔවුන් වෙත අලුත් අවුරුදු තෑගි පර්සල් ද පරිනමනු ලැබිය.

|