යුද්ධ හමුදා නිලධාරියෙකු විසින් රචිත ‘A Globe in a Nut Shell’ ග්‍රන්ථය යුද්ධ හමුදාධිපතිතුමා වෙත පිළිගන්වයි

18th April 2017

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායට අයත් ලුතිනන් කර්නල් එම්.බි.බි.එන්. හේරත් විසින් රචිත ‘A Globe in a Nut Shell’ ග්‍රන්ථයේ පිටපතක් අද (18) පස්වරුවේ යුද්ධ හමුදා මුලස්ථාන හමුදාධිපති කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත ප්‍රදානය කරන ලදි.

2017 වසරේ මාර්තු මාසයේ දී මෙම ග්‍රන්ථය නිල වශයෙන් එළිදැක්වීම කොළඹ 15, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා උත්සව ශාලාවේ පැවති උත්සවයක දී සිදු කරනු ලැබීය.

භූ දේශපාලනික මෙන්ම අන්තර් ජාතික දේශපාලනික හැසිරීම සමඟින් මහාද්විපික සම්බන්ධතා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇති මෙම ග්‍රන්ථය අධ්‍යයන කටයුතු සඳහා ඉතා වැදගත් කෘතියකි.

යුද්ධ හමුදාධිපතිවරයා හා කතෘවරයා අතර පැවති හමුවේ දී මෙම ග්‍රන්ථයේ සිංහල හා ඉංග්‍රිසී පිටපත් එතුමා වෙත පිළිගැන් වූ අතර, එහිදි කතෘවරයා විසින් මෙවැනි ග්‍රන්ථයක් ලිවිමට හේතු වූ කරුණු පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමා දැනුවත් කරනු ලැබීය.

මෙම ග්‍රන්ථය රචිත කතෘවරයා වෙත යුද්ධ හමුදාධිපති විසින් සිය ස්තුතිය ද එහිදි පුද කළහ.

|