දෙමුහුන් බඩ බඩ ඉරිඟු නිෂ්පාදනය කිරීම යුද හමුදා මැණික්ෆාම්හි දි අරඹයි

9th April 2017

ශ්‍රී ලංකා යුද හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් අධ්‍යක්ෂ මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව වව්නියාව, මැණික්ෆාම් යුද හමුදා ගොවිපලේ දී රජය විසින් බිජ ආනයනය සඳහා වු වාර්ෂික පිරිවැය අඩු කිරිමේ අරමුණින් නව දෙමුහුන් බඩ ඉරිගු බිජ නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදි.

කෘෂිකර්ම හා පශුසම්පත් අධ්‍යක්ෂ මණ්ඩලය කර්නල් ඒ.කේ.ඒ.බි. ගුණරත්නගේ මුලිකත්වයෙන් මෙහි මුලික අත්හදාබැලිම් කටයුතු සිදු කරන ලදි.

එම අත්හදාබැලීම්වල ප්‍රතිඵලයක් ලෙස දෙමුහුන් බඩ ඉරිඟු බිජ නිෂ්පාදන මැණික්ෆාම් ගොවිපලේ දී ආරම්භ කරනු ලැබූ අතර එම නිෂ්පාදන ක්‍රියාවලිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ද නිර්දේශ කරන ලදි.

ඒ අනුව දිවයින පුරා ස්ථාපිත යුද හමුදා ගොවිපලවල් හි දී වී, ඉරිඟු, එළවළු,පළතුරු, පොල්, උක්, රටකජු, දොඩම්, පුවක්, කුරුඳු, කෙසෙල්, කොස්, ආහාර බෝග හා කිරි නිෂ්පාදන කරන අතර සත්ව පාලනය, කුකුල් මස් නිපදවීම සහ කිරි ගවයින් පාලනය ද මෙහිදි සිදු කරනු ලැබේ.

ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ භට පිරිස් ඉතා උනන්දුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක මෙවැනි ව්‍යාපෘති සඳහා තම ශ්‍රමය කැපකරනුයේ එම නිෂ්පාදන සාධාරණ මිළකට ඔවුන්ගේ අලෙවි මධ්‍යස්ථානවල ද අලෙවි කරමිනි.

එමෙන්ම, දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව විසින් ‘මිහිකත දිනුවෝ’ රූපවාහිනි වැඩසටහන මඟින් ද මෙම මැණික්ෆාම් ගොවිපලේ සිදු කරන ව්‍යාපෘතීන් පිළිබඳව පටිගත කිරිම් ද සිදු කරන ලදි.

|