68 වන සේනාංකයේ භට පිරිස් සිවිල් වැසියන්ගේ හැඳුනුම්පත් ලබාගැනිම සඳහා පහසුකම් සලසයි
9th April 2017
සුගන්දිපුරම් උදයාරකට්ටු උතුර, තේරාවිල් දකුණ සහ වල්ලුවර්පුරම් ප්‍රදේශයන් හී සිවිල් වැසියන්හට ජාතික හැඳුනුම්පත් ලබාදීමේ එක්දින වැඩසටහනක් සඳුදා (03) දින පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ඉන්දික හේරත් මහතා ඇතුළු එම දෙපර්තුමේන්තුවේ නිලධාරින් අට දෙනෙකු, පුදුකුඩිඉරුප්පු ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් තිදෙනෙකු, සාමවිනිසුරුවරුන් තිදෙනෙකු සහ පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ සහයෝගිත්වයෙන් පැවැත්විණි.
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය උපදෙස් මත තවත් එක් ප්‍රජා ව්‍යාපෘතීයක් ලෙස 683 වන බලසේනා මුලස්ථාන පරිශ්‍රයේ දී මෙම හැඳුනුම්පත් ලබාදීමේ එක්දින වැඩසටහන පවත්වන ලදී.
යුද හමුදාව මුලිකත්වයෙන් සිදු කළ මෙම එක්දින වැඩසටහන තුළින් එම ප්‍රදේශයේ සිවිල් වැසියන් 80 දෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් ලබා ගැනිමට හැකිවිය.
|