සේවා මුක්තභටයින්ගේ සුබසාධන කටයුතු සඳහා යුද හමුදාපතිගේ සහාය
8th April 2017
විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය සඳහා යුද හමුදාපතිගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද හමුදාව වෙතින් එහි සුබ සාධන සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 8 ක් විධායක ජෙනරාල් ශාඛාවේ දී ලබාදෙන ලදි.
ඒ අනුව යුද හමුදාපති වෙනුවෙන් විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා විසින් එම රුපියල් මිලියන අටේ චෙක්පත විධායක ජෙනරාල් කාර්යාලයේ දී ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති බ්‍රිගේඩියර් (විශ්‍රාමික) කේ.ඒ. ඥාණවීර වෙත සඳුදා (03) දින ප්‍රදානය කරනු ලැබීය.
පසුගිය දිනක යුද හමුදාපති හා ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් අතර ඔවුන්ගේ වෛද්‍ය අවශ්‍යතා, පවුල්වල සාමාජිකයන්ගේ සහ එම විශ්‍රාමිකයින්ගේ දරුවන්ගේ අවශ්‍යතා පිළිබඳ ඇති වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම මුදල් පරිත්‍යාගය සිදු විය.
|