58 වන සේනාංකයේ භට පිරිස් ඩෙංගු මර්ධන වැඩසටහනකට එක්වෙති
2nd April 2017
ගාල්ල, බුස්ස ප්‍රදේශයේ පිහිටි 58 වන සේනාංකයේ භට පිරිස් විසින් සිකුරාදා (31) දින එම සේනාංක අවට ප්‍රදේශයේ ඩෙංගු වසංගතය මර්ධනය කිරිම සඳහා දියත් කරන ලද ව්‍යාපෘතියකට සහය ලබාදෙන ලදී.
ඒ අනුව මෙම ව්‍යාපෘතිය හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, රත්ගම ප්‍රාදේශිය සභාව, රත්ගම මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ 58 වන සේනාංක මුලස්ථානය එක්ව ඩෙංගු වසංගතය බහුලව ඇති පිටිවැල්ල (දකුණ) සහ කැදල ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි දියත් කළහ.
58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.ඩබ්.එම්.ඒ.ඩබ්.එන්. රණවනගේ උපදෙස් මත එම සේනාංකයේ නිලධාරී 10 ක් සහ සෙසුනිලයින් 200 ක් මේ සඳහා සහභාගි වූ අතර, එහිදි ප්‍රදේශයේ නිවාස 240 ක පමණ මදුරුවන් බෝවන ස්ථාන සහ අනෙකුත් අවදානම් ස්ථාන සොයා පිරිසිදු කිරිමේ කටයුතු සිදු කරනු ලැබීය.
|