නව මාණ්ඩලික ප්‍රධානි රාජකාරි භාරගනියි
29th March 2017
ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක අද (29) උදෑසන යුද හමුදා මුලස්ථාන සිය කාර්යාලයේ දී රාජකාරි භාර ගන්නා ලදි.
ඒ අනුව, 1949 වර්ෂයේ ආරම්භ වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ 50 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක පත්විය.
එහිදි, නව මාණ්ඩලික ප්‍රධානි, මහසඟරුවනේ සෙත් පිරිත් ආශිර්වාද මධ්‍යයේ සුභ මොහොතින් නිලලේඛණවලට අත්සන් තබමින් සංකේතාත්මකව සිය රාජකාරි භාර ගැනීම සිදු කළහ.
නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් රේණක උඩවත්ත මෙන්ම ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
|