කුරුණෑගල ‘විරුදරු විදු පියස’ ආරක්ෂක සේවා විද්‍යාලයීය තෙමහල් නව ගොඩනැගිල්ල විවෘත කිරීම සහ ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත් වයඹ රණවිරුවනට ප්‍රදානය කිරිම
28th March 2017
කුරුණෑගල ‘විරුදරු විදු පියස’ ආරක්ෂක සේවා විද්‍යාලීය නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම සහ වයඹ පලාතේ ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු රණවිරුවන් 2000 ක පිරිසකට ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත් ප්‍රදානය කිරීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දී හෙට (29) පැවැත්වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආශිර්වාදයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතාගේ මගපෙන්විම මත ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වයඹ පලාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කාර්ය මණ්ඩලයේ පූර්ණ දායකත්වයෙන් රජය මඟින් ලබාදුන් රුපියල් මිලියන 215 ක මුදලක් මෙම නව ගොඩනැගිල්ලට වැයවී තිබේ.
ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු පවුල්වල දූදරුවන් සඳහා වූ මෙම ගොඩනැගිල්ල තුළ පන්ති කාමර 41 ක්, තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයක්, පුස්තකාලයක්, පරිපාලන කාර්යාලයක් සහ නවීන පහසුකම් සහිත ආපනශාලවක් ඇති අතර 1 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන් 1023 ක් දැනට මෙම විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනු ලබති. දිවයිනේ හොඳම ජාතික පාසල් 50 අතුරින් එකක් බවට පත්ව ඇති කුරුණෑගල පිහිටි මෙම විද්‍යාලය 13 පහළ ක්‍රිකට්, චෙස්, කරාතේ, පාපන්දු සහ මලල ක්‍රීඩා ආදිය තුලින් ජාතික මට්ටමේ විශිෂ්ඨ දක්ෂතා මේ වනවිට ද ප්‍රදර්ශනය කර ඇත.
එමෙන්ම වයඹ පලාතේ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ආබාධිත රණවිරුවන් වෙත ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත් තවත් 2000 ක් පිරිනැමිම ද එදිනම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. මෙම කාඩ්පත්ලාභීන්ට ප්‍රමුඛතාවයෙහිලා වෛද්‍ය පහසුකම් මෙන්ම වට්ටම් සහිතව ආහාර වර්ග, ප්‍රවාහන පහසුකම්, රොහල් ප්‍රතිකාර, අධ්‍යාපනික පාඨමාලා, ගෘහ භාණ්ඩ, ස්වර්ණාභරණ ආදි ක්ෂේත්‍රවල ආයතන 67 කට වැඩි රජයේ සහ පුද්ගලික අංශ මගින් ප්‍රතිලාභ හිමි වේ. පසුගිය වසරේ ජනවාරි මස ඇරැඹි ‘විරුසර’ වරප්‍රසාද ව්‍යාපෘතිය හරහා එම කාඩ්පත්ලාභීන් හට විවිධ ආයතන මඟින් රුපියල් මිලියන 190.02 වටිනා ප්‍රතිලාභ සහ වට්ටම් මේ වනවිට ලබාදී ඇත.
පෞද්ගලික අංශයේ හා රණවිරු සේවා අධිකාරියේ දායකත්වයෙන් එම පවුල් සාමාජිකාවන්ට සහ දූ දරුවන්ට විවිධ පාඨමාලා හැදෑරීමට අදාල ශිෂ්‍යත්ව විශාල ප්‍රමාණයක් පිරිනැමීම ද මෙම උත්සවයේ දී සිදුකෙරේ.
ත්‍රිවිධ හමුදා රණවිරුවන් සහ රණවිරු පවුල්වල සාමාජිකයින් 30,000 කට වැඩි පිරිසක් වෙත මේ වන විටත් ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත් පිරිනමා ඇති අතර, ආරක්ෂක අමාත්‍යාංශය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය හරහා රණවිරු සේවා අධිකාරියේ ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ඉදිරියටත් ක්‍රියාත්මක වේ.
|