විශේෂ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ආරම්භ කරමින් සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම ගමන් අරඹයි

28th March 2017

සතියක කාලයක් තුළ සිදු වු පෙර සුදානම්වීමෙන් පසු මාලි දේශයේ එක්සත් ජාතීන්ගේ සංග්‍රාමික ප්‍රවාහන රාජකාරින් සදහා පිටත්වයාමට නියමිත යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් සිදු කරනු ලබන විශේෂ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ආරම්භ කරමින් සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම සඳුදා (27) දින යාපනය, කන්කසන්තුරෙන් ගමන් අරඹන ලදි.

මාලි දේශයේ පවතින භූමි තත්වයන් සහ එහි අභියෝග පිළිබඳව දැනුවත් කිරීමට නිර්මාණය කරන ලද විශේෂ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය නිලධාරීන් 15 ක්, සෙසු නිලයින් 185 ක් සහ රථ 82 කින් යුත් යුද හමුදා සන්නාහ සන්නද්ධ, පාබල, යාන්ත්‍රික පාබල සහ සැපයුම් භට කණ්ඩායම් වලින් සැදුම්ලත් සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමක් (Combat Convoy Company) මගින් සිදු කරිමට නියමිතය.

විශේෂ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය සැලැස්මට අනුව කන්කසන්තුරේ සිට දිවයිනේ දකුණු ප්‍රදේශයට ගමන්කරන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම නිර්මාණය කරන ලද විවිධ යුද අභ්‍යාස සහ පුහුණුවිම් සිදු කරමින් නාවල්අඩි, වෙඩිතලතිව්, ඔයාමඩුව, මින්නේරිය, පුත්තලම, මාදුරුඔය, බුත්තල සහ සූරියවැව පසු කිරිමට නියමිතය.

මෙම යුද අභ්‍යාස සැලසුම් කිරිමේ දී සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම හට යුද හා සැපයුම්, අණදීම සහ නායකත්වය, හදිසි සැලසුම්, සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම් හි වගකීම්, හදිසි අවස්ථාවකදි තීරණ ගැනීම්, සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම් සරඹ යෙදවිම්, විරෝධතා පාලනය, බෝම්බ නිශ්ක්‍රිය කිරීම, පාලන හා භට කාර්ය සම්පාදන, සන්නිවේදනය සහ අනෙකුත් තාක්ෂණය පවත්වා ගැනීම යන විෂයන් යටතේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් ක්‍රියාපටිපාටියට අදාල විශේෂ පුහුණුවක් මෙන්ම මාලි දේශයේ සංග්‍රාමික ප්‍රවාහන රාජකාරීන් සඳහා ආවේනික භට කාර්ය හා සැලසුම් ක්‍රියාවලිය යන කරුණු පිළිබඳව අවධානය යොමු කර සැලසුම් කර ඇත.

|