ජාත්‍යන්තර ‘ක්ෂය රෝග දින පා ගමන’ සඳහා 12 වන සේනාංකයේ භට පිරිස්හි සහාය
26th March 2017
හම්බන්තොට දිස්ත්‍රික් ළය චිකිත්සාගාරයේ ඉල්ලිමකට අනුව මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ සේවයේ නියුතු භට පිරිස්, සිකුරාදා (24) දින මහජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවති ‘ක්ෂය රෝග දින පා ගමන’ සඳහා සහයෝගය ලබාදෙන ලදි.
ක්ෂය රෝග මර්ධන සහ ළය රෝග ජාතික වැඩසටහනේ (National Programme for Tuberculosis Control and Chest Diseases) දිස්ත්‍රික් කාර්යාලය විසින් 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරාගේ සහාය ඇතිව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබිය.
12 වන සේනාංක මුලස්ථානයේ, 122 බලසේනාවේ සහ 3 (සෙව්) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 25 ක භට පිරිස් ප්‍රමාණයක් මෙම පා ගමන සඳහා දායකත්වය ලබාදෙන ලදි.
දිවයිනේ ව්‍යාප්ත වන ක්ෂය රෝගය සහ අනෙකුත් ශ්වසන රෝග මර්ධනය කිරීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ක්ෂය රෝග මර්ධන සහ ළය රෝග ජාතික වැඩසටහන (National Programme for Tuberculosis Control and Chest Diseases) වෙත පැවරී ඇති අතර, ඔවුන් විසින් සියලු දිස්ත්‍රික්කයන් ආවරනය වන පරිදි ළය රෝග සායන ක්‍රියාත්මක කරනු ලැබේ.
තවද, ජාතික ක්ෂය රෝග දිනය වෙනුවෙන් පාසල් ළමුන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන්, ඉහළ අවදානම් තත්වයන්, ප්‍රජා සහ සෞඛ්‍ය වැඩමුළු, නිවාරන වැඩසටහන්, පොස්ටර් සහ අත්ප්‍රතිකා බෙදාදීම් සිදු කරන ලදි.
|