කැනඩා නියෝජිතයින් පිරිස යාපනය හමුදා කාර්යභාරයන් අධ්‍යනය කරයි
18th March 2017
කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍ර යෂ්මින් අබ්දුල්ලා කරිම් රතින්සි මහත්මියගේ ප්‍රධානත්වයෙන්, කැනඩා පර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනෙක් ඇතුළුව අනෙකුත් සමාජිකයින් 20 දෙනෙකුගෙන් සමන්විත කැනඩා නියෝජිතයින් පිරිස උතුරේ සංචාරය අතරතුර දී බදාදා (15) දින යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයට පැමිණියහ.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් පැමිණි සංචාරක නියෝජිතයින් පිරිස පිළිගත් අතර මෙහිදි, ආඥාපතිතුමන් භූගෝලීය, ආර්ථික, පශ්චාත් යුද සංවර්ධනය හා යාපනය සිවිල් පරිපාලන කටයුතු සහ යාපනය අර්ධද්වීපයේ වත්මන් ආරක්ෂක තත්වය පිළිබඳව ඔවුන් සමඟ සාකච්ඡා කරන ලදී.
තවද, මෙම හමුවේ දී ආඥාපතිතුමන් ජාතිය ගොඩනැගීමේ ව්‍යාපෘතින් සඳහා භට පිරිස් හී දායකත්වය, සංහිඳියාව ඇතිකරලිමේ යාන්ත්‍රනය මගින් යාපනයේ ජනතාවගේ ජීවනෝපාය දිරිගන්වන ආකාරය පැහැදිලි කළේය.
මෙහිදි, ආඥාපතිතුමන් විසින් කැනඩානු නියෝජිත යෂ්මින් අබ්දුල්ලා කරම් රතින්සි මහත්මිය වෙත සංකේතාත්මක සමරු තිළිණයක් ද ප්‍රදානය කළ අතර, යෂ්මින් අබ්දුල්ලා කරිම් රතින්සි මහත්මිය විසින් විශේෂ අමුත්තන් සඳහා වු පොතේහි අත්සන් තැබීමට ද අමතක නොකළහ.
|