ඕමාන් ජාතික ආරක්ෂක විද්‍යාලයේ නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙයි
18th March 2017
ඕමාන් රාජ්‍යයේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ උපාය මාර්ගික අධ්‍යක්ෂ ගුවන් කොමදෝරු නසීර් ජූමා මොහමෙඩ් ප්‍රමුඛ නියෝජිතයින් 17 ක් ඔවුන්ගේ විෂය මාලාවේ කොටසක් ලෙස සිකුරාදා (17) දින ශ්‍රී ලංකාවට පැමිණෙන ලදි.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඕමාන් ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් කළ ආරාධනයකට දෙරට අතර හොඳ හිත සහ ද්විපාර්ශ්වික සබඳතාවයන්හි සංකේතයක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණි අතර, ගුවන් තොටුපළේ දී එම නියෝජිත පිරිස පිළිගැනීම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් විසින් සිදු කළහ.
එම පිරිස ශ්‍රී ලංකාවේ සිටින සතියක කාලයේ දී ආරක්ෂක අමාත්‍යංශය, ශ්‍රී ලංකා යුද හමුදා මුලස්ථානය, ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානය, ශ්‍රී ලංකා නාවික හමුදා මුලස්ථානය, ශ්‍රී ලංකා මහා බැංකුව, ලක්ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා අධ්‍යයන ආයතනය, විදේශ කටයුතු අමාත්‍යාංශය, සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය, වාණිජ මණ්ඩලය, කම්කරු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ සංචාරක අමාත්‍යාංශය යන ස්ථානයන්හි සංචාරය කිරීමට ද නියමිතය.
එහිදි මෙම නියෝජිත පිරිස රටේ ආර්ථික සැලසුම්, ශ්‍රී ලංකාවේ විදේශ සම්බන්ධතා, යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව මෙහෙයුම් සහ වත්මන් කටයුතු, එල්ටීටීඊ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමිම සහ මානුෂිය මෙහෙයුම්වලින් අනතුරුව ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග ආදිය පිළිබඳව සොයා බලනු ඇත.
ජාතික ආරක්ෂක විද්‍යාලයේ උපදේශක නිලධාරීන් සහ ශිෂ්‍ය නිලධාරීන් ද මෙම නියෝජිත පිරිස අතර වේ.
තවද, මෙම නියෝජිත පිරිස කොළඹ පිහිටි යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපතිතුමා ද හමුවිමට නියමිතය.
|