ක්‍රියාන්විත හේතුන් මත තුවාල ලබා ආබාධිත තත්වයට පත්ව වෛද්‍ය හේතුන් මත විශ්‍රාමගිය සහ නුඳුරේදී විශ්‍රාමයාමට වෛද්‍ය මණ්ඩල වෙතින් නිර්දේශ ලබාදී ඇති රණවිරුවන් සඳහා සලසා දී ඇති සහනයන් පිළිබඳව දැනුවත් කෙරේ
14th March 2017
යුද හමුදා රණ සේවා අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රමුඛ යුද හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලය, සුබසාධක අධ්‍යක්ෂ මණ්ඩලය, වැටුප් හා ලේඛණ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරින් පිරිසක්, සිකුරාදා (17) දින පනාගොඩ දී ක්‍රියාන්විත හේතුන් මත තුවාල ලබා ආබාධිත තත්වයට පත්ව වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගිය සහ නුඳුරේ දී විශ්‍රාමයාමට වෛද්‍ය මණ්ඩල වෙතින් නිර්දේශ ලබා දී ඇති රණවිරුවන් 2000 පමණ හමුවීමට නියමිත අතර, ඔවුන් සඳහා දැනට ක්‍රියාත්මක සියලුම සුබසාධන ව්‍යාපෘති පිළිබඳව දැනුවත් කිරීම මෙහි අරමුණ වේ.
පනාගොඩ යුද හමුදා ජනපදයේ පැවැත්වෙන මෙම හමුවේ දී නොවිසඳුනු ගැටලු, පරිපාලන ගැටලු, විශ්‍රාමයාමට අදාල ගැටලු, ඔවුන්ගේ දුක්ගැනවිලි විසඳාගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර ආදිය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.
විධායක ජෙනරාල්, රණ සේවා අධ්‍යක්ෂ, වැටුප් හා ලේඛණ අධ්‍යක්ෂ, පිරිස් පාලන අධ්‍යක්ෂ සහ පුනරුත්ථාපන අධ්‍යක්ෂ ද මෙහිදී සභාව ඇමතීමට නියමිත අතර, එම රණවිරුවන්ගේ අදහස්, පුද්ගලික සාකච්ඡා මෙන්ම ඔවුන්ගේ දුක්ගැනවිලි පිළිබඳව ඔවුන් සමඟ සාකච්ඡා කිරිමට ද නියමිතය.
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මඟපෙන්විමෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහනේ දී දිවිපිදූ රණවිරුවන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම ද සම්ප්‍රදායිකව පොල්තෙල් පහන දැල්වීම ද සිදුකරනු ලැබේ.
සිකුරාදා (17) දින වැඩසටහනට සහභාගීවූවන්ගේ සුබසාධනය වෙනුවෙන් ජංගම උපදේශන සේවාවක් ද පැවැත්වීමට නියමිතය.
|