යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණය මත ශාන්තිපුරම් ප්‍රදේශයේ වැසියන්ට පිරිසිදු පානීය ජලය
19th February 2023
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන පාබල සේනාංකයේ භටපිරිස්හි සම්බන්ධීකරණය මත කැනඩාවේ පදිංචිව සිටින පරිත්‍යාගශීලියෙකු විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත දීර්ඝ කාලයක් පුරාවට පානීය ජලය නොමැතිව දුෂ්කරතාවයන්ට මුහුණ පාමින් සිටි ශාන්තිපුරම් ප්‍රදේශයේ පවුල් 125 ක වැසියන් වෙනුවෙන් පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් ජල පෙරණ පද්ධතියක් ස්ථාපනය කරන ලදී.
කැනඩාවේ පදිංචිව සිටින ව්‍යාපාරික කෝසල කාරියවසම් මහතා විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදුන් අතර එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ලබාදුන්හ.
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ සහ 54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ ගේ මඟපෙන්වීම සහ 543 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් තුෂාර හරස්ගම සහ 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් වයි.ආර්. විමලරත්න ගේ අධීක්‍ෂණය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.
අභිනවයෙන් ඉදිකරනු ලැබූ ජල පෙරණ පද්ධතිය ඉකුත් අඟහරුවාදා (පෙබරවාරි 14) දින මන්නාරම අතිඋතුම් රදගුරු ආචාර්ය එමානුවෙල් ප්‍රනාන්දු පියතුමන් විසින් විවෘත කරන ලදී. එම අවස්ථාව සඳහා 543 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, නිලධාරීන්, සෙසුනිලයන් සහ ප්‍රතිලාභීන් ද සහභාගී වූහ.