3 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් රුධිර පරිත්‍යාග වැඩසටහනක
17th February 2023
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන පාබල සේනාංකයට අයත් 613 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 3 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2023 පෙබරවාරි මස 15 දින කඹුරුගමුව ප්‍රාදේශීය රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙත සිය රුධිරය පරිත්‍යාග කරන ලදී.
කඹුරුගමුව ප්‍රාදේශීය රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙතින් සිදුකළ ඉල්ලීමකට අනුව, ආරක්‍ෂක සේනා ආඥාපතිතු - බටහිර සහ 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. දකුණු ප්‍රදේශයේ රෝහල්වල රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා සිය රුධිරය පරිත්‍යාග කිරීමට යුද්ධ හමුදා සාමාජිකයින් 32 දෙනෙකු ස්වේච්ඡාවෙන්ම තම දායකත්වය දැක්වූහ.
613 වන පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 3 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරීතුමන් මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් සිය මගපෙන්වීම සහ උපදෙස් ලබාදුන්හ.