දිවංගත රණවිරුවෙකුට පිං අනුමෝදන් කරමින් ‘අභිමංසල - 2’ හි නේවාසික රණවිරුවන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක්
16th February 2023
දිවංගත ලාන්ස් කෝප්‍රල් ඩී.ජී.අයි. මධුශංක ගේ 15 වන ගුණ සමරුව වෙනුවෙන් එම වීරෝදාර රණවිරුවාගේ පවුලේ සාමාජිකයන් විසින් 2023 පෙබරවාරි මස 08 දින කඹුරුපිටිය ප්‍රදේශයේ පිහිටි ‘අභිමංසල - 2’ හි නේවාසිකව ප්‍රතිකාර ලබන වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, ආයුර්වේද උපකරණ පරිත්‍යාග කර ප්‍රණීත තේ පැන් සංග්‍රහයක් පිරිනැමීමේ සමාජසත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඩී.ජී.අයි. මදුෂංක වෙනුවෙන් පිං අනුමෝදන් කරමින් ඔහුගේ මව වන එන්.එච්.ජී. ශාන්ති මහත්මිය ඇතුලු පවුලේ සාමාජිකයන් විසින් මෙම පරිත්‍යාග වැඩසටහන සංවිධානය කරන ලදී.
වර්ෂ 2008 පෙබරවාරි මස 08 දින මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් මුලතිව් ඉදිරි ආරක්‍ෂක වළල්ලේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන්වැදෙමින් සිටියදී ලාන්ස් කෝප්‍රල් ඩී.ජී.අයි. මධුශංක විරෝදාර රණවිරුවාණන් මව්බිමේ ඒකීය භාවය වෙනුවෙන් සිය ජීවිතය පූජා කළේය.