2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මහකන්ද කඳුකර ප්‍රදේශයේ හටගත් ලැව් ගින්නක් නිවාදමයි
16th February 2023
මහනුවර මහකන්ද, වටගොඩ කඳුකර ප්‍රදේශයේ ඉකුත් අඟහරුවාදා (14) දින සවස හටගත් ලැව් ගින්නක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යමට අයත් 11 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 111 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිසක් විසින් නිවා දැමීමට කටයුතු කරන ලදී.
යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන් 15 දෙනෙකු පැය පහක පමණ කාලයක් පුරා මහත් පරිශ්‍රමයක් දරා ලැව්ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට කටයුතු කළහ.