6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරින් සහ සෙසුනිලයන් ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහනකට එක්වෙයි
25th January 2023
කඩවත පිහිටි යෝර්ක් ජාත්‍යන්තර පාසල වෙතින් එම පාසල් පරිශ්‍රයේදී පසුගිය ඉරිදා (22) දින ක්‍රියාත්මක කරනු ලැබූ ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 141 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී සිය රුධිරය පරිත්‍යාග කළහ.
පාසල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ උපදෙස් හා 141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බන්දුල කාරියවසම් හා 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඒ.එච්.එම්.ටී. ගුණරත්න ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ සෙසුනිලයන් 28 දෙනෙකු මෙම වැඩසටහන සඳහා එක්ව සිය රුධිරය පරිත්‍යාග කළහ.