1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් පාසල් සිසු සිසුවියන්ට ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමයි
22nd January 2023
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 143 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් පසුගිය බදාදා (18) දින කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි පාසල් තුනක අධ්‍යාපන කටයුතු වල නිරත සිසු සිසුවියන් 60 දෙනෙකු වෙත ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.
ප්‍රදේශවාසීන් ලබාදුන් දේශීය ධාන්‍ය වර්ග සමගින් 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් සියඹලාව ශ්‍රී සෝභිත ප්‍රාථමික විද්‍යාලය, තඹරාව ප්‍රාථමික විද්‍යාලය සහ ගාල්ලේගොඩ ප්‍රාථමික විද්‍යාලය යන පාසල් තුනෙහි සිසු සිසුවියන් 60 දෙනෙකු වෙනුවෙන් මෙම දිවා භෝජන සංග්‍රහය පිරිනමනු ලැබීය.
මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල සහ 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොෂාන් ජයමාන්න එක්ව අවශ්‍ය මගපෙන්වීම් ලබාදුන්හ.
143 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ෆවුමි කිචිලන් සහ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් කේ.ඒ.එස්.පී. කුමාර ගේ සමීප අධීක්‍ෂණය යටතේ මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.