යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් යාපනයේ ගැබිනි මව්වරුන්ට වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාගයක්

18th January 2023

යාපනය දිස්ත්‍රික්කයේ ද්‍රවිඩ ව්‍යාපාරිකයකුගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන පාබල සේනාංක බලප්‍රදේශයේ පිහිටි 521 වන පාබල බලසේනාවේ භටපිරිස් විසින් කොඩිකාමම්, උඩුප්පිඩ්ඩි සහ වලෙයි ප්‍රදේශවල පදිංචි තෝරාගත් ගර්භනී කාන්තාවන් සඳහා වියළි ආහාර සලාක පාර්සල් 20 ක් ඉකුත් සෙනසුරාදා (14) දින ප්‍රදානය කරන ලදී.

521 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඉන්දික පෙරේරා ගේ මගපෙන්වීම යටතේ යාපනය ඉරුපලෙයි ‘ඔක්නියර්’ වාහන සේවා මධ්‍යස්ථානයේ (Okniar Vehicle Service Centre) හිමිකරු වන වී වොට්සන් මහතාගේ අනුග්‍රහය ඇතිව මෙම වැඩසටහන දියත් කරන ලදී.