කොළඹ බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියෙහි ගැටී මියගිය වන අලියාගේ සිරුරු ඉවත් කිරීමට යුද්ධ හමුදා භටපිරිස් දායක වෙයි

16th January 2023

කොළඹ බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියක් හතරස්කොටුව ප්‍රදේශයේදී පසුගිය සිකුරාදා (13) දින වන අලියෙකු හා ගැටීම හේතුවෙන් පීලි පැනීමකට ලක්වී ඇති අතර, 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් එම දුම්රිය අනතුරින් ජීවිතක්‍ෂයට පත් වූ වන අලියාගේ සිරුර ඉවත් කිරීමට සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.

23 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ 234 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් භටපිරිස් පිරිස් වෙත ලබාදුන් උපදෙස් මත දුම්රිය ක්‍රියාකරුවන් සමඟ සහයෝගයෙන් යුතුව කටයුතු කළ යුද්ධ හමුදා භටපිරිස් දුම්රිය මැදිරිවලට සිරවී මියගොස් සිටි වන අලියාගේ සිරුර ඉවත් කිරීමට සමත් විය.

වන අලියාගේ සිරුර ඉවත් කිරීමෙන් පසු දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට දුම්රිය බලධාරීන් කටයුතු සිදුකර තිබිණි.