66 වන සේනාංකයේ සම්බන්ධීකරණයෙන් පුනරීන් ප්‍රදේශයේ උසස් පෙළ හදාරන සිසු සිසුවියන් වෙනුවෙන් අධ්‍යාපනික සම්මන්ත්‍රණක්
12th January 2023
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 66 වන පාබල සේනාංකයේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් අ.පො.ස උසස් පෙළ විෂයයන් පිළිබඳව පාසල් සිසුසිසුවියන්ගේ අධ්‍යාපනික දැනුම වැඩි දියුණු කිරීමේ අරමුණින් පුනරීන් ප්‍රදේශයේ අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා මුහුණ දීමට සිටින සිසු සිසුවියන් 67 දෙනෙකු වෙනුවෙන් අධ්‍යාපනික සම්මන්ත්‍රණයක් ජනවාරි මස 09 සහ 10 යන දෙදින තුල පුනරීන් මධ්‍ය මහා විද්‍යාලයේදී සංවිධානය කරන ලදී.
මෙම අධ්‍යාපනික සම්මන්ත්‍රණය යාපනය විශ්වවිද්‍යාලය සමග සමීප සහයෝගීතාවයෙන් යුතුව සංවිධානය කරන ලද අතර, යුද්ධ හමුදාවේ ආරාධනයෙන් ජේ. ජෙනිදරන්, ජෙයවින්දන් සහ එස්. පහිදරන් යන කථිකාචාර්යවරුන් සියලුම දේශනයන් පවත්වනු ලැබු අතර, එහිදී ඔවුන් හින්දු සංස්කෘතිය, භූගෝලය සහ දමිළ භාෂාව වැනි විෂයයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලදී.
අධ්‍යාපනික සම්මන්ත්‍රණය සාර්ථකව පැවැත්වීම සඳහා 66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් නලින් ජයවර්ධනගේ උපදෙස් මත එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිළධාරීන් සහ සෙසු නිලයින් සිය උපරිම සහයෝගය ලබා දුන්හ.