කුරුණෑගල ශික්ෂණ රෝහලේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස්හි සහයෝගය

12th January 2023

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සුළු සේවකයන්ගේ වැඩ වර්ජනයක් හේතුවෙන් අඩපන වූ එම රෝහලේ අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා ඉකුත් සදුදා (09) දින 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් කටයුතු කරන ලදී.

රෝගීන් මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් එතුමන් වෙත කරන ලද ඉල්ලීමකට අනුව හදිසි අවශ්‍යතා සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර වෙත උපදෙස් ලබාදෙන ලදී.

මෙම ප්‍රජා සත්කාරක කටයුත්ත ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල සහ 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොෂාන් ජයමාන්නගේ උපදෙස් මත 143 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ෆවුමි කිචිලන් සහ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් කේ.ඒ.එස්.පී. කුමාරගේ සමීප අධීක්ෂණය යටතේ භටපිරිස් විසින් සිදුකරන ලදී.