ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ නව කර්නල් සේනාවිධායක රාජකාරි අරඹයි

9th March 2017

ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ නව කර්නල් සේනාවිධායක ලෙස පත් වූ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ බදාදා (08) දින පනාගොඩ එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති චාම් උත්සවයක දී රාජකාරි භාර ගන්නා ලදි.

එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් එහි පැමිණි මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ පිළිගත් අතර, අනතුරුව භට පිරිස් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිම ද සිදු කළහ.

ඉන්පසු මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මියගිය රණවිරුවන් සිහිකරමින් ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලදි.

එමෙන්ම, නව කාර්යාලයේ දී මහ සඟරුවනේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ නිල ලේඛණවලට අත්සන් තබමින් සංකේතාත්මකව රාජකාරි භාරගනු ලැබීය.

තවද, එහිදි ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ හිටපු සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලකගේ (විශ්‍රාමික) ඡායාරූපය නිරාවරණය කිරිම ද නව සේනාවිධායක විසින් සිදු කළහ.

අනතුරුව නව කර්නල් සේනාවිධායක, ප්‍රධාන පිඨිකාව වෙත කැඳවාගෙන ගිය අතර, එම රෙජිමේන්තු භට පිරිස් විසින් ආචාර සම්මාන පෙළපාලියක් ද පිරිනැමුහ.

එහි පැවති තේ පැන් සංග්‍රහයට ප්‍රථම මේජර් ජෙනරාල් රණසිංහ, ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු නිලධාරීන් සමඟ සමුහ ඡායාරූපයකට ද පෙනිසිටියහ.

රෙජිමේන්තු මුලස්ථාන කාර්යාලයේ දී සියලු නිලධාරීන් ඇමතු නව කර්නල් සේනාවිධායක, පරිපාලන කටයුතු සහ අනෙකුත් ව්‍යාපෘතීන් පිළිබඳව ද කරුණු සාකච්ඡා කරන ලදි.

|