ස්වේච්ඡා බලසේනා මුලස්ථානයට තවත් නව ඉදිකිරිම් රැසක්

2nd March 2017

කොස්ගම පිහිටි ශ්‍රි ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථාන පිවිසුම ආසන්නයේ නවතමයෙන් ඉදිකරණ ලද හෝරා ස්තම්භය සහ ස්වේච්ඡා බලසේනා නිල ලාංඡනය විවෘත කිරීම බදාදා (01) දින සිදු කළ අතර, නව මුලස්ථාන කාර්යාල සංකීර්ණය, සෙසු නිලයින් සඳහා භට නිවාස සංකීර්ණ දෙකක් සහ නිවාඩු නිකේතන දෙකක් සඳහා මුල්ගල තැබීම ද මෙහිදි සිදු කරන ලදි.

සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ ස්වේච්ඡා බලසේනා සේනාවිධායක මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් යෝජිත මෙම නව ඉදිකිරීම් සඳහා මුල්ගල් තැබීම සිදු කරනු ලැබීය.

මෙම සියලුම ඉදිකිරිම් පරිසර හිතකාමි අයුරින් නිර්මාණය කර ඇති අතර, යුද හමුදා ඉංජිනේරුවන්ගේ සහ ස්වේච්ඡා බලසේනා භට පිරිස්හි සහයෝගයෙන් යුතුව මාස කිහිපයක් තුල දී එහි කටයුතු අවසන් කිරීම විශේෂ සිදුවිමක් විය. මීට දින කිහිපයකට පෙර, දින 40 ක් තුල දී ඉදිකරන ලද පරිසර හිතකාමි තුන්මහල් ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීම ද ස්වේච්ඡා බලසේනා සේනාවිධායකගේ ආරාධනයෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් සිදු කරන ලදි.

මෙදින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, පිලිගැනීම ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක විසින් සිදු කළහ. අනතුරුව මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා, මහ සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ අඩි 30 ක් උසැති නව හෝරා ස්තම්භය සහ ස්වේච්ඡා බලසේනා නිල ලාංඡනය විවෘත කිරීම සිදු කරනු ලැබිය. එසේම මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මෙම ඉදිකිරිම් හි නිර්මාතෘ ද වේ.

භට පිරිස් ඇමතීම සහ සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද මෙහි පැවති අතර, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් මෙන්ම සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටයහ.

|