ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු ඉතිහාසය අමරණිය වේ

2nd March 2017

යටත් විජිත සමයේ දී ආරම්භ වු ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව මගින් යුද හමුදාවේ ආරම්භය සනිටුහන් වු අතර බ්‍රහස්පතින්දා (02) දින තවත් එක් පියවරක් ඉදිරියට තබමින් එහි ඉතිහාසය අමරණියත්වයට පත් කර පළමු වරට ඉදි කරන ලද අනුස්මරණ කෞතුකාගාරය විවෘත කිරිම සිදු කරන ලදි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් කෞතුකාගාරය විවෘත කිරිම සිදුකල අතර, මෙහි විවිධ රාජ භාණ්ඩ, පැරණි ඉතිහාසගත අවි සහ පතොරම් වර්ග, ඡායාරුප, නිල ඇඳුම් සහ ලාංජන, නිලාභරණ, යුද ආයිත්තම්, හිස් ආවර්ණ , සහතික සහ ගරු බුහුමන්, සංඥ ලියකියවිලි, ජනාධිපති වර්ණ, රැජින වර්ණ, රෙජිමේන්තුවට අදාල විවිධ බැනර් වර්ග එකතුවක් තැන්පත් කර ඇත.

මෙම ව්‍යාපෘතිය සියලුම හමුදා පර්යේෂකයන් සහ අමුත්තන් හට ඉතා වැදගත් වන අතර ලෝක යුද්ධයන් තුළ දී ලංකා හමුදාව විසින් සිදු කරන ලද සටන් වලදි හමුදා කාර්යභාරයන් පිළිබඳව මතකයන් සිහිපත්විම තුලින් යුද හමුදාව පිළිබඳව ගෞරවයක් සහ පැහැදිමක් ඇතිවේ.

ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක සුභා කස්තුරිආරච්චි මහත්මිය, ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ස‍ෙනරත් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තුමේන්තුවේ නිලධාරින් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

|