3 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවෙන් වැන්දඹුවක් වෙත නව නිවසක්
20th February 2017
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් වැලිකන්ද, නව මහසේන්පුර වාසය කරන වැන්දඹු කාන්තාවක් වෙත නව නිවසක් ඉදි කර පරිත්‍යාග කිරිමේ උත්සවය සඳුදා (13) දින වැලිකන්දේ දී පවත්වනු ලැබිය.
තම කුඩා දියණිය සමග අනාරක්ෂිත නිවසක වාසය කල ඩි.එම්. කුමාරිහාමි මහත්මියගේ ඉල්ලිමකට අනුව 3 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් නව නිවසේ ඉදිකිරිම් අරම්භ කරන ලදි.
3 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ජේ.එම්.ඒ. ජයසේකරගේ මඟපෙන්විම යටතේ ඉදිකරන ලද නව නිවස සඳුදා (13) දින පැවති උත්සවයක දී නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් සංකේතාත්මකව භාරදිම් සිදු කළ අතර, එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ දායකත්වය දැක්වු භට පිරිස් ද එක්ව සිටියහ.
|