රණවිරුවන් සඳහා නිවාස ලබා දීමේ ව්‍යාපෘතියෙහි II අධියර යටතේ තවත් නිවාස 51 ඉදි කෙරේ
7th December 2015
යුද හමුදාපතිගේ සංකලපයක් මත දේශය වෙනුවෙන් දිවි පිදූ සහ රණක්ෂිතයට පත් වූ විරුවන්ට කෘතගුණ සැළකීමක් වශයෙන් එම විරුවන්ගේ පවුල් සඳහා නිවාස ලබා දීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මේ වන විට රෙජිමේන්තු 21 ක් විසින් අති නවීන නිවාස 51 ක් ඉදි කිරීමට මුල්ගල් තබා ඇත. මෙම ව්‍යාපෘතියෙහි I අධියර යටතේ 2015 ඔක්තොබර් මස 12 වන දින රෙජිමේන්තු 18 ක් විසින් ඉදි කරනු ලැබූ නව නිවාස 35 යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආරාධනයෙන් ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් විරු අයිතියට පත් කරනු ලැබීය. නිවාස ව්‍යාපෘතියෙහි II අධියර යටතේ ඉදිවෙන මෙම නිවාස 51 ක් 2016 මාර්තු මස දේශය වෙනුවෙන් දිවිපිදූ සහ රණක්ෂිතයට පත් වූ විරු පවුල් වෙත ලබා දීමට නියමිතය. මෙහි එක් නිවසක වටිනාකම රුපියල් මිලියන 1.5 ක් වන අතර, එම මුදලින් 60% ක වටිනාකම ඒ ඒ රෙජිමේන්තුවලින් ලබා දෙන අතර, අතිරේක මුදල් සුබසාධක අධ්‍යක්ෂ මණ්ඩලය සහ වෙනත් අනුග්‍රාහකවරුන් විසින් ලබා දෙනු ලැබීය. මෙම ව්‍යාපෘතියෙහි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා පාබල හමුදාව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගැමුණු හේවා බල ඇණිය, ගජබා රෙජිමේන්තුව, විජයබාහු පාබල රෙජිමේන්තුව, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය, සන්නද්ධ බුද්ධි බලකාය, ඉංජිනේරු සේවා බලකාය, ශ්‍රී ලංකා විදුලි හා යන්ත්‍රික ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය, ශ්‍රී ලංකා රයිෆල් බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමී බලකාය සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි විරුවන් ප්‍රතිලාභ ලැබීමට නියමිතය. යුද හමුදාපතිගේ සංකල්පයකට අනුව 2009 වර්ෂයේ මැයි මස සාමය ලබා ගැනීමට පෙර දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සහ රණක්ෂිතයට පත් වු විරු පවුල් සඳහා කෘත ගුණ සැළකීමක් වශයෙන් මෙම නිවාස ව්‍යාපෘතිය මෙම වසර මුල් භාගයේ දී ආරම්භ කරනු ලැබීය. මෙම ව්‍යාපෘතියෙහි II අධියර යටතේ නිවාස ඉදිකිරීම් කටයුතු නිවාස ලාභීන්ගේ අභිමතය පරිදි හා නිවාස සැළසුම් කිරීමේ ගැටළු නිරාකරණය කිරීමෙන් පසු පසුගියදා ආරම්භ කරනු ලැබීය.