එක් දිනක් තුල දී යුද හමුදා පැනගිය සෙබලුන් 563 ක් අත්අඩංගුවට

11th February 2017

ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය සහ පොලිසිය ඒකාබද්ධව සිදුකරන ලද වැටලිම් වලදී බ්‍රහස්පතින්දා (09) දින නිවාඩු නොමැතිව නොපැමිණි හා පැනගිය යුද හමුදා සාමාජිකයන් 563 ක් අත්අඩංගුවට ගැනිමට හැකි වුහ.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශයට පත්කල රෙජිමේන්තු වලදී පැවති පොදු සමා අස්කිරිම් කාලය 2016 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වු පසුව නිලධාරි 01 ක් සහ සෙසුනිලයන් 960 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබු අතර, එක් දිනක් තුලදී වාර්ථාගත අත්අඩංගුවට ගැනිමක් බ්‍රහස්පතින්දා (09) දින වාර්තා විය.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්නගේ ප්‍රකාශයට අනුව පොදු සමා කාලය තුළ දී, නිලධාරි 10 ක් සහ සෙසුනිලයන් 7816 ක් අදාල රෙජිමේන්තු වෙත පැමිණ නිත්‍යානුකුලව අස්වී ඇත.

|